සිංහල සින්දු කියන

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්‌
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී

ගායනය.... ගුණදාස කපුගේ

2 ප්‍රතිචාර:

Anonymous said...

excellent service

සරත් ලංකාප්‍රිය said...

පමාවෙලා ආවේ/ මේකට ලින්ක් එකක් දාගන්න බැහැනේ.. මේ සින්දුව ලියල තියෙන්නේ LTTE එකේ නඩේසන් එක්ක ගිය සිංහල කාන්තාව ගැනයි..

Post a Comment