සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ
වෙනදා ඉඳිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑහැ දන්නේ
තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා
ගායනය.... ගුණදාස කපුගේ
සිංහල සින්දු කියන
සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී
ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී
ගායනය.... ගුණදාස කපුගේ
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී
ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී
ගායනය.... ගුණදාස කපුගේ
සිනා මල් ගොඩක්
සිනා මල් ගොඩක් - පාර දෙපැත්තේ
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
කඳුළු මල් ගොඩක් - පාර දෙපැත්තේ
නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරියේ
සිනා මල් ගොඩක්
නෑ කඳුළු මල් ගොඩක්
බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ අම්මේ
ඒ අහසෙන් සුළං කපොලු - විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දු දන්නේ
අහන්න ආසයි තුරු හිස කුරුලු ගී පිරේ
අහුලා ගන්නද සවනත මිහිරියි අම්මේ
ගැයෙනා මුතුකැට පද වැල්
සීරෙන විට කඳුළු ගලයි
ඒ ගී උල්පත් ගැන නෑ මගෙ දූ දන්නේ
ගායනය.... නිර්මලා රණතුංග
නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ
කඳුළු මල් ගොඩක් - පාර දෙපැත්තේ
නෙලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරියේ
සිනා මල් ගොඩක්
නෑ කඳුළු මල් ගොඩක්
බලන්න ආසයි සැන්දෑ බටහිර අහසේ
ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ අම්මේ
ඒ අහසෙන් සුළං කපොලු - විදුලි අකුණු මන්දාරම්
මේ විශ්වයේ රටාව තව නෑ දු දන්නේ
අහන්න ආසයි තුරු හිස කුරුලු ගී පිරේ
අහුලා ගන්නද සවනත මිහිරියි අම්මේ
ගැයෙනා මුතුකැට පද වැල්
සීරෙන විට කඳුළු ගලයි
ඒ ගී උල්පත් ගැන නෑ මගෙ දූ දන්නේ
ගායනය.... නිර්මලා රණතුංග
Subscribe to:
Posts (Atom)

